HOTLINE - 081-2388462

dgdaph@sltnet.lk

News and Event Image
ලම්පි ස්කින් රෝගය (LSD) වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා කලාපීය ධාරිතාව ඉහල නැංවීමේ අරමුණින් දකුණු ආසියාව තුල දින 03 ක කලාපීය පුහුණු වැඩසටහන

ලම්පි ස්කින් රෝගය (LSD) වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා කලාපීය ධාරිතාව ඉහල නැංවීමේ අරමුණින් "දකුණු ආසියාවේ රෝගය පිළිබඳ නිරීක්ෂණ සහ පාලන ක්‍රියාමාර්ග" මැයෙන් වූ තෙදින SAARC කලාපීය පුහුණු වැඩසටහනක් 2026 ජූලි මස 28 වන දින සිට 30 දක්වා මහනුවරදී පැවැත්වීය. 

මෙම උත්සවය සාර්ක් කෘෂිකර්ම මධ්‍යස්ථානය (SAC), ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය සහ බංගලාදේශයේ Gram Unnayan Karma (GUK) එක්ව සංවිධානය කර තිබුණී.

මෙම පුහුණු වැඩසටහන සඳහා බංග්ලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන සාර් -(SAARC) සාමාජික රටවල් පහක සත්ව පාලන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ පශු වෛද්‍යවරුන් සහභාගිවිය.

"දකුණු ආසියාවේ LSD නිරීක්ෂණ සහ පාලන පියවර" පිළිබඳ SAARC කලාපීය පුහුණුවේ දෙවන දිනය '' මහනුවර මධ්‍යම පශු වෛද්‍ය විර්මශන මධ්‍යස්ථානයේදී (CVIC) පැවැත්විණි.

මෙහිදී ප්‍රතිදේහ හඳුනා ගැනීම සඳහා ELISA ශිල්පීය ක්‍රම මෙන්ම PCR ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබුණි.

2026-08-07