Training Program for Creating Dairy Farmer Entrepreneurs
කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කිරිගව ගොවිපළ ව්‍යවසායකයින්ගේ දැනුම වැඩි කිරීම මගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙමගින් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි ගොවි ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, මන්දපෝෂණය දුරලීම, පාරිභෝගිකයින් සඳහා අඩු මිලට සෞඛ්‍ය ආරක්ෂිත කිරි හා කිරි නිෂ්පාදන ලබා ගැනීම ප්‍රධාන අරමුණු වේ.
කිරි ගොවි ව්‍යවසායකයින් මේ සඳහා යම් නිශ්චිත ක්‍රමවේදයකට තමන්ගේ ගොවිපල පවත්වාගෙන යා යුතුය. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් පුහුණු කණ්ඩායම්, දියර නිරි එකතු කිරීමේ සමාගම් වල ක්ෂේත්‍ර නිලධාරීන්, වෙනත් දෙපාර්තමේන්තු වල ගොවිපල කළමනාකරණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලදී.
2026-08-29
