සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහා වන අඛණ්ඩ අධ්‍යාපන ආයතනය, දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සදහා නේවාසික හා වැඩිදුර පුහුණු පහසුකම් සපයන ජාතික ආයතනය වේ. පේරාදෙණියේ පිහිටා ඇති මෙම ආයතනය ක්‍රියාත්මක වනුයේ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය යටතේය. මෙම ආයතනය සතුව එක්වර පුහුණු වන්නන් 30 දෙනෙකු සදහා නේවාසික පහසුකම් ශ්‍රවණාගාරයක්, දේශන ශාලා දෙකක් හා සියලූම උපාංග සහිත ඉලෙක්ට්‍රොනික පුහුණු ඒකකයක් (e – learning centre) ඇත. ආයතනය මගින් පුහුණුව ලබා දෙනු ලබනුයේ පශු වෛද්‍ය නිලධාරීන්, සත්ව පාලන නිලධාරීන්, පශු සම්පත් සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිවල දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය සදහායි. තවද අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සහභාගී වන්නන් සදහාද මෙම ආයතනය මගින් පුහුණු පහසුකම් සලසනු ලැබේ.
අඛණ්ඩ අධ්‍යාපන ආයතනය පශු සම්පත් ක්ෂේත්රයේ උන්නතිය සදහා කටයුතු කරන තාක්ෂණික නිලධාරීන් සදහා අඛණ්ඩව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම ආයතනයයි. ආයතනය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සදහා සම්පත් දායකයන්, පශු පර්යේෂණායතනය, දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ, විශ්ව විද්‍යාල පද්ධතිය හා පුද්ගලික අංශය තුලින් ලබා ගැනේ. නේවාසික පුහුණු පාඨමාලා හැර දෙපාර්තමේන්තුවේ හා නොයෙකුත් ආයතන මගින් පවත්වනු ලබන සම්මන්ත්රණ වැඩමුඵ ආදියද මෙම ආයතනයේ පැවැත්වේ.